පැරිස් නගර මධ්‍යයේ පිපිරීමක් (වීඩියෝ)

ජන 12, 2019
  • පැරිසියේ, ට්‍රෙවීස් වීදියේ  (Rue de Trévise) බේකරියක ගෑස් කාන්දුවක් නිසා ඇතිවූ පිපිරීමකින් 20 දෙනෙක් තුවාල ලබා තිබේ.

    පැරිස් වේලාවෙන් අද(12) උදෑසන 9ට පමණ මෙම පිපිරීම හට ගෙන තිබේ.

    නගර මධ්‍යයේ ඇති වූ මෙම විශාල පිපිරීම සමග ඇති වූ ගින්න නිසා ආසන්න වශයෙන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 9 දෙනෙකුගේ පමණ තත්වය බරපතල බවයි වාර්තා වේ.

    පිපිරීමේ හඬ කිලෝමීටර් 2ක් පමණ දුරකට ශ්‍රවණය වූ අතර අවට තිබූ කඩ සාප්පු සහ රථ වාහන විශාල ප්‍රමාණයක් දැඩි ලෙස අලාභානි වී ඇත.

    මෙම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදූ වී ඇති බවට පැරිස් පොලීසිය සැක කරන අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වේ

    0 Paris Explosionrf0 FRANCE BLAST0 FRANCE BLAST 11 Firemen work at the site of an explosion in a bakery shop in the 9th District in Paris1 Screen Shot 2019 01 12 at 082216

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 16:28

    Latest News