ජිවිත තර්ජන සෞදි තරුණියට; කැනඩා පුරවැසිභාවය

ජන 12, 2019

    තම ජීවිතයට තර්ජන ඇති බව පවසමින් තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොලේ රැඳී සිටි සෞදි ජාතික තරුණියට කැනඩා පුරවැසිභාවය හිමිව තිබේ.

    රහෆ් මොහොමඩ් අල් කුනන් නැමැති 18 හැවිරිදි තරුණියට, පසුගිය දිනක දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතභාවය හිමි විය. ඒ හේතුවෙන්, ඇයට කැනඩා පුරවැසිභාවය හිමිවීම වඩාත් කඩිනම් වූ බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම තරුණිය පිළිබඳ අවදානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සියලුම රාජ්‍යයන්වලින් ඉල්ලා සිටියි.

    මින් පෙර තරුණිය පිළිබඳ ඔස්ට්‍රේලියා රජය සමඟ සාකච්ජා පැවැත්වූ නමුත්, එය වඩාත් සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත් කැනඩා අගමැති ජස්ටින් තෘඩෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිළිතුරු දක්වමින් කියා සිටියේ තම රජය සෑම විටම සමස්ත ලෝකයේ මානව හිමික්ම සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි. ඒ හේතුවෙන් මෙම තරුණිය පිළිබඳ සානුකම්පිතව බලා ඇයගේ ජීවිත අවදානම සලකමින් ඇයට කැනඩා පුරවැසිභාවය ලබා දෙන බව, ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත්, සෞදි රජය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

     

     

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 13:27

    Latest News