ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21ක් මියයති

ජන 13, 2019

    චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21 දෙනෙක් මියයති.

    60 කට අධික පිරිසක් බේරා ගෙන තිබේ. ෂැංෂි පළාතේ ලිජියාගෝ පතලේ වහළය ඊයේ කඩා වැටී ඇත. ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඉකුත් ඔක්තෝබර් මසදී ෂැංඩොන් පළාතේ සිදුවූ පතල් අනතුරකින් 21 දෙනෙක් මියගියහ.

    චීනයෙන් පතල් අනතුරු බහුලව වාර්තා වෙයි. ඉකුත් වසරේ පතල් අනතුරුවලින් 375 දෙනෙක් මියගියහ.

    Latest News