ඇතිතරම් තෙල් දෙන්න ඉරාකය සූදානම්

ජන 14, 2019

    ඉරාකය දකුණුදිග මජ්නුන් තෙල් සංකීර්ණයේ බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට තීරණය කරයි.

    මේ වසරේ සිට එය ක්‍රියාත්මකයි. මේ වසර අවසන් වන විට එහි නිෂ්පාදනය දිනකට බැරල් දෙලක්ෂ අනු දහස දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව, ඉරාකයේ බස්රා තෙල් සමාගම පවසයි. වර්තමානයේ දිනක බොරතෙල් නිෂ්පාදනය බැරල් දෙලක්ෂ 40,000කි. එම අගය 2021 අග වන විට දිනකට බැරල් හාරලක්ෂ පනස් දහස දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව, එම සමාගම පවසයි.

    ඒ සමඟ එරට බොරතෙල් අපනයනය ද ඉහළ නැංවීමට ඉරාක රජය තීරණය කර ඇත. ඉරාකය, පසුගිය දෙසැම්බරයේ වාර්තාගත ලෙස බොරතෙල් අපනයනය සිදු කළේය. දෙසැම්බර් මාසයේ පමණක් දිනකට බොරතෙල් බැරල් මිලියන 3.63ක ප්‍රමාණයක් අපනයනය කරන ලදී. ඉරාකයේ රාජ්‍ය ආදායම්වලින් 95%ක් උපයා ගන්නේ බොරතෙල් අපනයනය කිරීමෙනි.

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 09:40

    Latest News