ඉහළ දැමූ තෙල් මිලට සිම්බාබ්වේ උණුසුම්වේ (වීඩියෝ)

ජන 15, 2019
  • සිම්බාබ්වේ රජය ඉන්ධන මිල දෙගුණයකට වැඩි මට්ටමින් ඉහල දමා ඇත. එ්නිසා රජයට විරුද්ධ දරුණු උද්ඝෝෂණයක් හට ගෙන තිබේ.

    පුද්ගලයන් කිහිපදෙනෙකු මිය ගොස් අති බව තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි. මාර්ග අවහිර කිරීම් නිසා විශාල පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත.

    හරාරේ නුවර සහ බුලවායෝ නගරවල මේ තත්වය දරුණු ලෙස දක්නට ලැබුන බව විදෙස් මාධ්‍ය සඳහන කරයි. රටතුළ ඉන්ධන පරිභෝජනය වැඩි වීමට පිළියමක් ලෙස ඉන්දන මිල ඉහළ දැමූ බව ජනාධිපති එම්ර්සන් මන්ගග්වා පවසයි.

    දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින සිම්බාබ්වේ රජය තම ආර්ථිකයට නැවත පණ දීමට උත්සහ දරමින් සිටී.

     105174979 zim4Zimbabwe Protest Fuel Price 105183481 hi051639718 105172966 zim3

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 18:18

    Latest News