නව බ්‍රෙක්සිට් එකඟතාවට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ අනුමැතිය

ජන 01, 2021

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නව බ්‍රෙක්සිට් එකඟතාවට ඊයේ එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

    අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුරෝපා සංගමය සමඟ බ්‍රසල්ස් හිදී මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

    බ්‍රිතාන්‍යය ග්‍රිනිච් වේලාවට අනුව අද දිනයේ 23 වන පැයේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය නිල වශයෙන් වෙන්වීමටයි කටයුතු කර තිබෙන්නේ.

    යුරෝපා සංගමයෙන් වෙන් වීමට බ්‍රිතාන්‍ය පැවැත්වූ ජනමත විචාරණයෙන් වසර 4 කට පසු මෙම තීරණයට එළඹ තිබෙනවා.

    වෙන්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර වෙළෙඳ සබඳතා පැවැත්වෙන ආකාරය තීරණය කෙරෙනු ඇති.

    Latest News