දිනෙන් දින වැසීයන මියන්මාර අන්තර්ජාල සබඳතා

පෙබ 16, 2021

    මියන්මාරයේ හමුදා පාලනය එරට දෙවැනි දිනටත් අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවා තිබේ. ඒ දිනෙන් දින ඉහළ යන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමේ අරමුණින්. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් මේ දිනවල පැවැත්වෙයි. 

    එරට මිලිටරි ජුන්ටා තීරණය කර ඇත්තේ අන්තර් ජාලය හරහා සිදු කෙරෙන සංවිධානය වීම්,පාලනය කිරීම වැළැක්වීම සඳහා අන්තර්ජාල පහසුකම් නතර කළ යුතු බවයි.

    මේ මස පළමු වැනි දින සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු අන්තර් ජාල සබඳතා අත්හිටුවනු ලැබූ සිව් වැනි අවස්ථාව මෙයයි.

    Latest News