ඒ අනූව, මීට වසර බිලියන ගණනකට ඉහත දී අගහරු ග්‍රහයා මතුපිට තිබූ ජලය ඉන් අතුරුදන් වූ ආකාරය පිළිබඳ පර්යේෂකයන් විද්‍යාත්මක මත කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
එම සාධක අතුරින් වඩාත් පිළිගැනීමක් හිමිව ඇත්තේ, රතු ග්‍රහයා මත තිබූ ජලයෙන් වැඩි ප්‍රමාණයක් එහි මතුපිට පෘෂ්ඨයේ තැන්පත් වී ඇති බවටයි. ඒ අනූව, ජලය ඛනිජ ස්වරූපයකින් ග්‍රහයාගේ පෘෂ්ඨයේ පවතින බවට විද්‍යාඥයන් විශ්වාස කරයි. මීට වසර බිලියන 4කට පමණ පෙර අගහරු ග්‍රහයා උණුසුම් සහ තෙත් ග්‍රහයෙක් ලෙස පැවති බවයි,හෙළි වී ඇත්තේ.
එසේම,ග්‍රහයාගේ මුළු පෘෂ්ඨයම ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් ජලයක් ඒ මත තිබූ බවට සාධක හමුවී තිබේ. මේ වන විට අගහරු සිසිල් ග්‍රහයෙක් බවට පත්ව තිබීම පිළිබඳ විද්‍යාඥයින් මින් පෙර මවිතයට පත්විය.
කෙසේවුවද, පෘථිවියට මෙන් අගහරු ග්‍රහයාට ශක්තිමත් චුම්භක ක්ෂේත්රයක් නොතිබීම හේතුවෙන්,ග්‍රහයා මත තිබූ ජලය මතුපිට පෘෂ්ඨයට ඛනිජ ලෙස තැන්පත් වීමට අමතරව ඉන් පිටත අභ්‍යවකාශයට ද ගමන් කරන්නට ඇති බවටයි,විද්‍යාඥයින් දැන් විශ්වාස කරන්නේ.