අඟහරු මත ගස් සිටුවන්න සූදානම්

නොවැ 11, 2024

    අඟහරු ග්‍රහයා මත ශාක රෝපණය කිරීමට විද්‍යාඥයින් සැරසෙනවා.

    ඒ සඳහා මූලික පියවරක් වශයෙන් ශාක වර්ධනයට හිතකර පරිදි කාබන් ඩයොක්සයිඩ් වායුව සහ රතු ග්‍රහයාගේ උෂ්ණත්වය වැඩි කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ඔවුන් උත්සහ කරමින් සිටිනවා.

    වෝර්සෝ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ රොබට් ඔල්සෙව්ස්කි මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. ඔල්සෙව්ස්කි ඩිස්නිලන්තයේද සැලසුම් ශිල්පියකු ලෙස කටයුතු කරන අතර 1993 වසරේ ලොව හොඳම එකලස් කිරීම් ශිල්පියාට හිමි ජාත්‍යන්තර සම්මානය ලබා ගැනීමටද හෙතෙම සමත් විය.

    දැනට අඟහරු මත ජීවයට සුදුසු යැයි හඳුනාගෙන ඇති හෙලස් ද්‍රෝණිය නැමති ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News