චීන - අමෙරිකා ඉහළ පෙළේ සංවාදය කාලෝචිතයි - චීන විදේශ අමාත්‍යාංශය කියයි

මාර් 23, 2021

    චීන-ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කාලෝචිත හා ප්‍රයෝජනවත් බවත් අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන් යිං මහත්මිය ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

    එම සංවාදයේදී දෙපාර්ශ්වයම සිය දෙස්-විදෙස් ප්‍රතිපත්ති, ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට ලක්වන වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව අවංක, ගැඹුරු, දිගු කාලීන හා සංවර්ධනාත්මක ලෙස සාකච්ඡා කොට ඇත.

    චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු උදාවේ දෙරටේ ජනාධිපතිවරුන්ගේ දුරකථන සාකච්ඡාවේ දී එළඹුණු එකඟතාවන් ක්‍රියාවට නැංවීමට ගත් වැදගත් පියවරක් වන මෙම සංවාදය එම නායකයින් දෙදෙනාගේ ඒකාබද්ධ තීරණයක් ද විය.

    එම එකඟතාවන්ට අනුව, චීන-ඇමරිකා  සබඳතාව විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ. මෙවැනි ඉහළ පෙළේ උපායමාර්ගික සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තු වන බව හුවා චුන් යිං මහත්මිය සඳහන් කර තිබේ.

     

    රූපවාහිනී වාර්තාකරු - මෝතිලාල් හිස්ඇල්ල 

    චීනයේ බෙයිජිං නුවර සිට

     

    Last modified on අඟහරුවාදා, 23 මාර්තු 2021 10:09

    Latest News