සුවය ලැබූ තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව යයි

අප්‍රේ 09, 2021

    කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත කර සිටි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව ගොස් ඇත.

    කෙසේ නමුත්, තවදුරටත් නිවසේ නිරෝධායනයට ලක්වන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර තිබේ.

    47 හැවිරිදි ඔහු පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොවිඩ්19 පරීක්ෂාවකින් පසුවය. ඔහු රෝහල්ගත වීමට පෙරද සුළු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.

    Latest News