දෛනිකව එක් ලක්ෂ 50,000කට අධික ආසාදිතයින් ඉන්දියාවෙන්

අප්‍රේ 12, 2021

    දෛනිකව කොරෝනා ආසාදිතයන් එක් ලක්ෂ 50,000කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. 

    ඒ කොරෝනා වසංගත තත්වය ඉහළ යාමත් සමගයි.

    ලොව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ද ඉන්දියාවයි.

    ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි 35 ලක්ෂ 25,000 ඉක්මවයි. ගතවූ පැය 24 තුල නව ආසාදිතයන් එක් ලක්ෂ 69,000කට අධික පිරිසක් වාර්තා විය.

    ඊයේ පමණ එරට 904 දෙනෙක් මියගොස් තිබේ. කොරෝනා රෝගයෙන් ඉන්දියාවේ මියගිය සමස්ත සංඛ්‍යාව එක් ලක්ෂ 70,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනනේ.

    Last modified on සදුදා, 12 අප්‍රේල් 2021 11:59

    Latest News