රාහුල් ගාන්ධිටත් කොරෝනා

අප්‍රේ 21, 2021

    ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ට්විටර් සටහනක් තබමින් ඔහු විසින් ඒ බව සඳහන් කර ඇති බවයි,ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම හේතුවෙන් තමන් පරීක්ෂණයකට භාජනය වූ බවත්, එහි ප්‍රථිපළ අනුව තමන් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණු බවත් රාහුල් ගාන්ධි සඳහන් කර තිබේ.

    ඒ අනූව ඉකුත් දින කිහිපයේ දී තමන්ව සමීපව ඇසුරු කළ පුද්ගලයින් වහාම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි රාහුල් ගාන්ධි සිය ට්විටර් සටහනින් ඉල්ලා ඇත්තේ.

    ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුටම මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඒ අතරට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා ද අයත්.

    Last modified on බදාදා, 21 අප්‍රේල් 2021 07:39

    Latest News