කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයේදී චීන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ජූලි 01, 2021

    චීනයට බලපෑම් කිරීමෙන් වළකින ලෙස එරට ජනාධිපති ෂී ජින් පිං බලවත් රටවලට අනතුරු අගවයි.

    බෙයිජිං අගනුවර අද පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවැනි සංවත්සර උළෙලේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඔහු මේ බව කියා සිටියේය.

    චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100 වැනි සංවත්සරය අද (01) බෙයිජිං නගරයේ ටියැන්අන්මෙන් චතුරශ්‍රයේ දී පැවැත්විණ. 1921 වසරේ 50කට වැඩි සාමාජිකයන්ගෙන් ස්ථාපිත වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ අද වන විට මිලියන 95කට සාමාජික පිරිසක් සිටියි.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීන ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ජන ජීවිතය ලොවට සුවිශේෂ අයුරෙන් දැවැන්ත පරිවර්ථනයක් සිදුකර තිබේ.
    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එම උත්සවය අමතා අංග සම්පූර්ණ සුවපහසු සමාජයක් රටට ගොඩනැගීමට හැකි වී ඇතැයි ගාම්භීරව ප්‍රකාශ කළේය.

    සෙසු රටවල ජනතාවට එරෙහිව දාමරිකකම් කිරීම,පීඩාකිරීම හා යටත් කරගැනීම චීන ජනතාව කිසි විටෙක සිදු කරන්නේ නැත. චීනය මුල සිටම ලෝක සාමය ගොඩනැගීමේ, ගෝලීය වර්ධනයට දායකත්වය දැරීමේ ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කිරීමේ පාර්ශවයක් බවට පත් වෙමින් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

    Last modified on සිකුරාදා, 02 ජූලි 2021 12:13

    Latest News