උණුසුම්වූ කැනඩාවේ දින 5ට මරණ 486ක්

ජූලි 02, 2021

    කැනඩාවට බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් දින 5ක් තුළ 486 දෙනෙකු මරණයට පත්ව තිබේ.

    බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. මේ වන විට කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක ඉක්මවා තිබේ.

    කැනේඩියානුවන් නිරන්තරයෙන් ජල තටාක පරිහරණය කරන අතර එළිමහනේ සිටින විට ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම ද සුලබව දක්නට ලැබෙයි.

    උෂ්ණත්වය වැඩිවීම, වැඩි වශයෙන් බලපා ඇත්තේ වියපත් වුවන්ටයි.

    Last modified on සිකුරාදා, 02 ජූලි 2021 13:43

    Latest News