තලේබාන් සංවිධානය සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කළ බව, තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඊයේ කාබුල් ගුවන් තොටුපලට හා හෝටලයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 90 ඉක්මවා තිබේ.
ඒ අතරින් 13 දෙනෙකු අමෙරිකානු සෙබලුන්. අයිඑස් අයිඑස්-කේ නමැති ත්‍රස්තවාදී කල්ලිය ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය. ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකානු නාධිපති ජේ බයිඩන් පවසයි.
මේ අතර, ඇෆ්ගනිස්තානයේ විදේශිකයන් හා තෝරාගත් ඇෆ්ගන් ජාතිකයන් ඉවත්කර ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ලබන අඟහරුවාදා එනම්, අගෝස්තු 31 වනවිට සියලුම මෙහෙයුම් අවසන් කිරීමට අමෙරිකාවේ අපේක්ෂාවයි. ඒ සම්බන්යෙන් පවතින එකඟතාව කඩ නොකරන ලෙසට තලේබාන් සංවිධානය ඉකුත්දා අමෙරිකාවට අනතුරු අඟවා තිබේ.
මේ අතර, බ්‍රිතාන්‍යය සඳහන් කළේ, ඉවත් කර ගැනීමේ මෙහෙයුම් අවසන් අදියරට පැමිණ ඇති බවයි. ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය හා ඔස්ට්‍රේලියාව යන රටවල් මේ වනවිට ඉවත්කර ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබේ.