දැනට පවතින තොරතුරු අනූව වෛරසය මිනිසා නිෂ්පාදනය කළේ ද යන්න තහවුරු කිරීම අපහසු බවයි, වාර්තාවක් නිකුත් කරමින් බුද්ධි අංශ පෙන්වා දී තිබෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් මීට පෙර දෙවතාවක් චීනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරිණ.
එහිදී පරීක්ෂා කෙරුණේ , මෙම වෛරසය විද්‍යාගාරයක් තුළින් නිෂ්පාදනය කළ බවට ප්‍රකට වී ඇති මතය සම්බන්ධයෙන්. නමුත්, එම පරීක්ෂණ දෙකේ දීම විශේෂ තොරතුරක් අනාවරණය කර ගැනීමට අපොහාසත් විය.
මේ නිසා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස එරට බුද්ධි අංශවලට නියෝගයක් කර තිබිණ.
එම වාර්තාවෙන් දැනට එල්ල වී ඇති චෝදනාවලින් චීනය නිදහස් කර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.