තායිලන්තය සහ ඉන්දුනීසියාවේ ආසාදිතයන්ගේ වැඩිවීමක්...

සැප් 01, 2021

    තායිලන්තය සහ ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් පවසා ඇත.

    ඒ,  දෙරටේ එන්නත්කරණ ක්‍රියාවලියේ පවතින මන්දගාමී තත්වය හේතුවෙන්. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග අග්නිදිග ආසියානු කලාපයේ කොරෝනා ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා විය. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ තායිලන්තය සහ ඉන්දුනීසියාවෙනි. දෛනික කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් පසුගිය දිනවල වාර්තාවීමත් සමග දෙරට රජයන් විසින් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, එන්නත්කරණ ක්‍රියාවලියන්ගේ මන්දගාමී තත්වය සහ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරික්ෂණ අවම මට්ටමක පැවතීම, නැවතත් කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමට බලපෑ හැකි බවයි.

    Latest News