තලෙබාන් සංවිධානයෙන් යළි මරණ දඬුවම...

සැප් 24, 2021

    ඇෆ්ගනිස්ථානයේ යළි මරණ දඬුවම හා අවයව කපා දැමීම් වැනි දැඩි දඬුවම් අරඹන බව, තලෙබාන් සංවිධානය ප්‍රකාශ කරනවා.

    නීතිය හා ආරක්ෂාව සඳහා එවැනි ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි, තලොබාන්වරුන් පවසන්නේ.  තලෙබාන් නායකයෙකු වන මුල්ලා නූර්දීන් තුරාබි ප්‍රකාශ කරන්නේ ඇෆ්ගනිස්ථානයේ නීතිය හා දඬුවම් කුමන ස්වභාවයක් ගත යුතු දැයි, උපදෙස් දීමට විදෙස් රටවලට නොහැකි බවයි. කෙසේ වෙතත්, තම කලින් පාලන සමයේ මෙන් දඬුවම් ලබාදීම ප්‍රසිද්ධියේ සිදු නොකරන බව, ඔහු ප්‍රකාශ කර ඇත. මුල්ලා නූර්දීන් තලෙබාන් රජයේ බන්ධනාගාර ඇමතිවරයා ලෙස කටයුතු කරයි. අගෝස්තු මස 15 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමෙන් පසු තලෙබාන් කල්ලිය නිවේදන කළේ, දරදඬු හා අන්තවාදී නොවන පාලනයක් ගෙන යන බවයි. එහෙත් මේ වන විට ඔවුන් ලබාදුන් පොරොන්දු රැසක් කඩ කර ඇත.

    Latest News