ගෝලීය තහනම ඉවත්කරන්නැයි,ද.අප්‍රිකානු ජනපති ඉල්ලයි

නොවැ 29, 2021

    ගෝලීය වශයෙන් ගුවන් ගමන් තහනම් වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සිට රට වෙනුවෙන් පනවා ඇති ගෝලීය තහනම ඉවත් කර ගන්නා ලෙස ලොව රටවලින් ඉල්ලා සිටියි.

    ඊයේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ, මෙම පියවර අසාධාරණ බවත්, විද්‍යාව මත පදනම් නොවූවක් බවයි.
    දකුණු අප්‍රිකාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 2858 දෙනෙකු වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 29 ලක්ෂ 61,000 ඉක්මවා ගොස් තිබේ.

    පුහුණු ශ්‍රමිකයන් සහ ශිෂ්‍යයින් සඳහා දෙසැම්බර් පළමු වැනිදා සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් නැවතත් සළකා බැලීමට තීරණය කළ බවයි, ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි.

    ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් එරටින් හමුවීම මීට හේතුවයි.

    Last modified on සදුදා, 29 නොවැම්බර් 2021 12:55

    Latest News