එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ගේබ්‍රියේසස් ප්‍රකාශ කළේ ලොව ඇතැම් ප්‍රදේශවලට මින් ඉතා ඉහළ බලපෑමක් එල්ල විය හැකි බවයි.
නව වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග දුගී රටවල සිදු කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි, ඔහු පවසන්නේ. වෛරසය තවමත් පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී නැහැ.
ඔමික්‍රෝන් ප්‍රභේදය මුලින්ම හඳුනා ගනු ලැබුවේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් පිරිසක් විසින්. ඒ පිළිබඳ ඉතා ඉක්මනින්ම ලොව දැනුවත් කිරීම අගය කළ යුතු බව ඔහුගේ අදහසයි.
මෙම වෛරස ප්‍රභේදයේ විකෘතීන් විශාල ප්‍රමාණයක් ඇති අතර එබැවින්, වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.