චීන- ලාඕස දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන සේවා ඇරඹේ

දෙසැ 08, 2021

    “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් චීන- ලාඕස දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන සේවා ඇරඹේ.  

    නිරිතදිග චීනයේ Yunnan පළාතේ Kunming නගරය හා ලාඕසයේ Vientiane අගනුවර සම්බන්ධ කරන කිලෝමීටර් 1035ක දුරකින් යුතු මෙම මාර්ගයේ සියලු මෙහෙයුම් ඉකුත් 3 වැනිදා ආරම්භ විය. චීන -ලාඕස දුම්රිය මාර්ගය, එරට අභ්‍යන්තර දුම්රිය මාර්ග ජාලය හා ඍජුව සම්බන්ධ වන ජාත්‍යන්තර දුම්රිය මාර්ගය වීම විශේෂත්වයකි.  

    China Laoas02 900px 21 12 0

    මෙම මාර්ගය ඔස්සේ පැය 10කින් Kunming නගරයේ සිට Vientiane නගරයට පැමිණිය හැකි ය. මෙතෙක් කල් ඒ සඳහා දින දෙකක කාලයක් ගත කළ යුතුව තිබිණ. චීන ප්‍රමිතිය භාවිත කර ඇති චීන ලාඕස දුම්රිය මාර්ගය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ලෝක බැංකු වාර්තාවලට අනුව, සෑම වසරකම ලාඕසයේ සංචාරකයන් මිලියන 4ක් සහ අසල්වැසි රටවල සංචාරකයන් මිලියන 10ක් මෙම දුම්රිය මාර්ගය භාවිත කරනු ඇතැයි ගණන් බලා ඇත.  

    චීන-ලාඕස දුම්රිය මාර්ගය විවර වීමත් සමග ලාඕසයේ දුම්රිය මාර්ග ප්‍රවාහන යුගය ඇරඹෙයි. මීට පෙර එරට වූයේ කිලෝමීටර් 3.5ක දුම්රිය මාර්ගයක් පමණකි. නව දුම්රිය මාර්ගය මගින් තම රට ප්‍රවාහන, සංචාරක, කෘෂිකර්මාන්තය හා වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍රවල කැපීපෙනෙන සංවර්ධනයක් අත්පත් කරගනු ඇති බව ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා පවසයි.

    අරෝෂා සමරදිවාකර
    (රූපවාහිනී වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට)

    Latest News