බිපින් රාවත්ට මරු කැඳවූ ගුවන් අනතුර ගැන පුළුල් පරීක්ෂණයක්

දෙසැ 09, 2021

    ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ඇතුළු 13 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව එරට ගුවන් හමුදාව පවසයි.

    ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජිනාත් සිං මහතා අද පාර්ලිමේන්තුවේ දී අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවන් මහතා සහ ඔහුගේ බිරිඳ මදුලිකා රාවන් රැගත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානය ඊයේ අනතුරට ලක්වූයේ, තමිල්නාඩුවේ සුලූර් හි සිට වැලින්ටන් දක්වා පියාසර කරමින් තිබියදී.

    එම සිද්ධියෙන් 13 දෙනෙකු මියගිය අතර දිවි ගලවා ගත් එකම හමුදා නිලධාරියා ප්‍රතිකාර ලබමින් සිටියි. ඉන්දීය ආරක්ෂක සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ජෙනරාල් බිපින් රාවන්, එරට හමුදාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි.

    2019 දෙසැම්බර් මස එම තනතුරට පත්වීමට පෙර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස වසර 3ක් සේවය කළේය. සිය දශක 4ක හමුදා සේවා කාලයේ ඔහු ඉන්දීය ආරක්ෂක සේවාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කර තිබේ. ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය රටට විශාල පාඩුවක් බවයි.

    රටට සැබෑ දේශප්‍රේමියෙකු මෙන්ම වීරයෙකු අහිමි වූ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝක පණිඩුයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඉන්දීය හමුදාව නවීකරණය කිරීම සහ ඊට නව ආරක්ෂක උපකරණ යෙදවීම වෙනුවෙන් ජෙනරාල් රාවත් සුවිශාල මෙහෙවරක් ඉටු කළ බව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ජෙනරාල් රාවත් සහ ඔහුගේ බිරිඳගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී සිදු කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 දෙසැම්බර් 2021 12:23

    Latest News