'ඔමික්‍රෝන්' රටවල් 77 කට ව්‍යාප්ත වෙයි

දෙසැ 15, 2021

    ලොව වැඩිම කොරෝනා ආසාදන සහ මරණ වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

    එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්ෂ 8 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. අමෙරිකාවේ සමස්ත ආසාදියන් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ගියේ, ඉකුත් සඳුදායි.

    කෙසේ වුවද එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳ පරස්පරතා පවතින බව ඇතැම් සංඛ්‍යා ලේඛනවලින් පෙනී යයි.

    ඒ වර්ල්ඩ් මීටර් වෙබ් අඩවියට අනූව අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව අට ලක්ෂ 21,335ක් ලෙස සඳහන් වීම නිසයි. කෙසේ වුවද මේ වන විට එරට දෛනික ආසාදිතයන් යළි ඉහළ යමින් පවතියි.

    Last modified on බදාදා, 15 දෙසැම්බර් 2021 11:23

    Latest News