බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් තවත් ඉහළට

දෙසැ 16, 2021

    බ්‍රිතාන්‍යයෙන් මේ දක්වා දිනක් තුළ කොරෝනා වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වී තිබේ.

    එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්‍රිස් විට්වි, රෝගීන් සම්බන්ධයෙන් දැනට පවතින වාර්තා බිඳ වැටෙන තරමේ අනතුරුදායක තත්වයක් ඉදිරියේදී නිමාර්ණය විය හැකි බවට අනතුරු අඟවයි.

    බ්‍රිතාන්‍යයෙන් ඊයේ කොරෝනා නව ආසාදිතයන් 78,000 ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ඒ අතර නව ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූවන් 600කට වැඩි පිරිසක් ද සිටින බවයි.

    ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් පිරිසක් දස ලක්ෂය ඉක්මවා ගොසින්. ඊයේ හඳුනා ගනු ලැබූ ආසාදිතයන් සංඛ්‍යාවට ආසන්න අගයක් එරටින් මීට පෙර වාර්තාවූයේ ඉකුත් ජනවාරි 8 වැනි දිනයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 දෙසැම්බර් 2021 12:18

    Latest News