2022 සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළහොත් කොරෝනා පාලනය කළ හැකියි;WHO

ජන 01, 2022

    2022 වසරේ සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළහොත් කොරෝනා වසංගතය පාලනය කළ හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    එහි ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අද්නම් නව වසරේ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ජාතිවාදී පදනමින් එන්නත් රැස් නොකර සියලුම රාජ්‍යයන් වෙත සමානව එන්නත් බෙදා හැරීමට සෑම රටක්ම දායක විය යුතු බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පනස් ලක්‍ෂයකට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

    Latest News