කොවිඩ් සහ අධික ශීත හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් 4,400 ක් අවලංගුයි

ජන 02, 2022

    කොවිඩ් වසංගත තත්වය හා අධික ශීත කාලගුණය හේතුවෙන් එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

    මේ තත්වයත් සමග ඊයේ දිනයේදී පමණක් ගුවන්ගමන් 4,400 ක් පමණ අවලංගු කර ඇතැයි, වාර්තා වනවා. පවතින තත්වය හමුවේ ගුවන්තොටුපෙළවල රැඳී සිටින මගින් රැසක් පීඩාවට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා. ගුවන් සේවා ආයතන කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ට කොරෝනා වෛරසය වැළඳී,ම හේතුවෙන් හා ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝධායනයට යොමු කිරීම ඊට හේතුවයි. දෙසැම්බර් 24 වැනිදා සිට මේ වන විට අමෙරිකාවේ පමණක් ගුවන් ගමන් 12,000 ක් පමණ අවලංගුකර තිබෙනවා.

    Latest News