මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට අක්‍රමවත් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම කොකේන් මත්ද්‍රව්‍ය විෂවී ඇත්තේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී. එම ප්‍රදේශය මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලයි.
එය ගෝලීය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ද වෙයි. අක්‍රමවත් ලෙස නිෂ්පාදනය කළ කොකේන් මත්ද්‍රව්‍ය ගෝලීය වශයෙන් බෙදාහැර ඇතැයි ද හෙළි වී තිබේ.
පැය 24කට පෙර මත්ද්‍රව්‍ය මිලදී ගත් සියලු දෙනා මාරාන්තික තත්වයකට මුහුණ පා සිටින බව එරට රජය ප්‍රකාශ කරයි.