යුරෝපීය රටවල් කොවිඩ් මර්දන සීමා ලිිහිල් කරයි...

පෙබ 17, 2022

    යුරෝපීය කලාපයේ රටවල් කිහිපයක් මෙතෙක් පනවා තිබූ කොවිඩ් මර්දන සීමා ලිිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් අදියර 3 ක් යටතේ සීමා ලිහිල් කිරීමේ සැලසුම් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවයි, වාර්තා වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියෙහි උච්චතම අවදිය පසුකරමින් සිටියදී ජර්මනිය දැනට ක්‍රියාත්මක කොවිඩ් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, එන්නත්කරණයට ලක්වූ හෝ වෛරසය ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන් සඳහා පුද්ගලික ගෘහස්ථ ඒකරාශිවීම් සම්බන්ධයෙන් පනවා තිබූ සීමාවන් ඉවත් කෙරෙනු ඇති. අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී එන්නත් බලපත්‍ර හෝ කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල සටහන් ඉදිරිපත් කිරීම ද අවශ්‍ය නොවන බවයි,  ජර්මානු බලධාරින් සඳහන් කරන්නේ.

    එහෙත්,  මුව ආවරණ තවදුරටත් පැළඳිය යුතු බවයි, ඔවුන් පවසන්නේ. සීමා ලිහිල් කළ ද වසංගතය තවමත් අවසන්ව නොමැති බැවින්,  වඩාත් ප්‍රවේශම්ව ක්‍රියාකළ යුතු බවයි, බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 පෙබරවාරි 2022 19:45

    Latest News