නේටෝ සංවිධානය සමග එක්වුවහොත් තම රටේ ආරක්ෂාව තහවුරුයි - යුක්‍රේන ජනපති

පෙබ 17, 2022

    නේටෝ සංවිධානය සමග එක්වුවහොත් , තම රටේ ආරක්ෂාව තහවුරු වන බව යුක්‍රේනය පවසනවා.

    යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ, එහෙත් මෙම තීරණය ඉතා අසීරු වන බවයි.  බී.බී.සී. මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. තම රටේ ආරක්ෂාව තහවරු කිරීම හා දේශය විනාශ නොවී රැකබලාගැනීම තම වගකීම බවයි, ඔහු කියා සිටියේ.

    මේ අතර, යුක්‍රේනයේ ඩොංබාස් ප්‍රදේශයෙහි මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයකට එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවට වගකිව යුත්තේ, රුසියානු බෙදුම්වාදීන් බව යුක්‍රේන බලධාරින් පවසනවා. ඩොංබාස් ප්‍රදේශයේ සිටින රුසියානු බෙදුම්වාදීන් පවසන්නේ, යුක්‍රේන හමුදාව ප්‍රථමයෙන් එම ප්‍රදේශයේ නිරායුධ වැසියන්ට ප්‍රහාර එල්ල කළ බවයි. ඊට ප්‍රතිචාරයක් ලෙස ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි,  බෙදුම්වාදීන් කියා සිටියේ. මොස්කව් නුවර පැවති මාධ්‍ය හමුවකදී රුසියානු ප්‍රදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නේටෝ සංවිධානය තම සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි. නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ භට පිරිස් වැඩි කර ඇති බවටයි, ඔහු චෝදනා කළේ.

    Latest News