ග්‍රීසියේ සිට ඉතාලිය බලා යමින් සිටියදී යුරෝෆෙරි ඔලිම්පියා නැමැති ප්‍රවාහන නෞකාවේ හටගෙන ඇති ගින්න හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නෞකාවේ මෝටර් රථ අංගනයක ගින්න හටගෙන ඇති බවටයි විමර්ෂන වලදී අනාවරණ වී ඇත.
සහන කණ්ඩායම් විසින් එහි සිරව සිටි පුද්ගලයින් 278 දෙනෙකු බේරාගෙන කෝර්ෆු දූපතට ගෙන ගොස් තිබේ.
මෙහිදී ගලවාගත් මගීන්, බොහෝ දෙනෙක් තීරු බ්ලැන්කට් වලින් ඔතා, සියල්ලෝම කෝර්ෆු දූපතට යොමු කර ඇති අතර එහිදී පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
කෙසේ නමුත්, එම කිසිවෙකු බරපතල තත්ත්වයේ නොසිටි අතර බොහෝ දෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.