චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ටික්ටොක් ගිණුම ජනගත කෙරේ

පෙබ 19, 2022

    චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ටික්ටොක් ගිණුම ජනගත කෙරේ. බෙයිජිං නුවර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී උත්සවය පැවැත්විණ.

    චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 65 වැනි සංවත්සරය හා රබර් සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් ටික්ටොක් ගිණුම ජනගත කෙරුණේ, CITS ජාත්‍යන්තර ආර්ථික සංස්ථාවේ සහයෝගයෙනි.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, සංචාරක ක්ෂේත්‍රය හා නිෂ්පාදන මෙම ටික්ටොක් ගිණුම ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙනු ඇත.චීනයේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත කොහොන මහතා මෙහිදී කියාසිටියේ, චීන සංචාරකයන් අප රටට ආකර්ෂණය කරගැනීමේදී ටික්ටොක් වේදිකාවෙන් මනා පිටුබලයක් සැපයෙනු ඇති බවයි.

    වර්තමානයේ චීනයේ අතිශය ජනප්‍රිය නව මාධ්‍යයක් වන ටික්ටොක් ලොවපුරා බිලියන 2.4 කට අධික පිරිසකගේ ආකර්ෂණය දිනා ඇත. චීනයේ ජාතික වෙළඳ කවුන්සිලයේ උපසභාපති ආචාර්ය ගඕ ෆු මහතා ද මේ අවස්ථාවට එක්විය.

     

    වාර්තාව - අරෝෂා සමරදිවාකර

    රූපවාහිනී වාර්තාකරු (චීනයේ බෙයිජිං නුවර සිට)

    Last modified on සෙනසුරාදා, 19 පෙබරවාරි 2022 09:24

    Latest News