බලධාරින් පවසන්නේ, ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලියින්ට අද (21) සිට ඔස්ට්‍රෙිලියාවට පැමිණිය හැකි බවයි. එරට දේශසීමා සම්පූර්ණයෙන් විවෘත කෙරුණේ, වසර 02 කට පසුවයි. ඒ සමග "සිඩිනි" ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද දක්නට ලැබුණේ, ඉතා කාර්ය බහුල තත්වයක්.
ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය පහවයාමත් සමග සති 03 ක කාලයකදී කොරෝනා ආශ්රිත රෝහල්ගතවීම් සැලකිය යුතු ලෙස අවම වී ඇති බව, සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා. ඒ අනුව, ඔස්ට්‍රෙිලියානු අග්‍රාමාත්‍යවරයා රට පුරා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.