මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ, උතුරු කොරියාවේ ප්යොංයැන්ග් අගනුවරට ආසන්න ගුවන්තොටුපොළකදී. මීට පෙර ද අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව ක්රියා කළේය.
ගෝලීය රටවල විරෝධතා නොසලකා එරට අඛණ්ඩව අවි අත්හදා බැලීමේ නිරත වෙයි. දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ, මෙය කලාපීය වශයෙන් ද දැඩි අවදානම් තත්වයක් බවයි.