අග්නි IV සාර්ථකයි

සැප් 08, 2024

    ඉන්දියාව විසින් අග්නි-4 බැලිස්ටික් මිසයිලයේ සාර්ථක අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

    ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් කිලෝ මීටර් 4000 ක දුරක් ආවරණය කළ හැකි පරිදි නිපදවා ඇති මීටර් 20ක් දිග මෙම මිසයිලය ඔඩිෂා ප්‍රාන්තයේ චන්දිපූර් හි දී දියත් කරනු ලැබුවා.

    මෙහි බර කිලෝ ග්‍රෑම් 17000ක් වනවා. මිසයිලයේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂයේ කිලෝ ග්‍රෑම් 1000 ක පුපුරණ ද්‍රව්‍ය අන්තර් ගත කළ හැකියි. මීටර් 900 ක උසක් දක්වා පියාසර කළ හැකි අයුරින් මෙය නිපදවා තිබෙනවා.

    මීට පෙර අග්නි-2 ප්‍රයිම් ලෙස හැඳින්වූ, අග්නි-4 මිසයිලය යාවත්කාලීන කර තිබෙනවා. 2012 වසරේ සිදු කළ අත්හදා බැලීමේදී, මිසයිලය විනාඩි 20 ක් තුළ කිලෝමීටර් 3,000 කට වඩා වැඩි දුරක් ගමන් කළා.

    Latest News