ෂේන්වෝන්ගේ අවසන් කටයුතු මෙල්බර්න්හිදී

මාර් 21, 2022

    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන්වෝන්ගේ අවසන් කටයුතු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ඊයේ සිදුකෙරිණ.

    අවමංගල්‍යය සඳහා පවුලේ ඥාතීන්ට සහ හිත මිත්‍රාදීන් පිරිසකට පමණක් සහභාගී වීමට අවස්ථාව හිමිවීම තිබුණා. ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ට අවමංගල්‍යයට සහභාගී වීමට අවස්ථාව හිමිවුනේ නැහැ.

    ෂේන්වෝන් මෙලොවින් සමුගත්තේ ඉකුත් 4 වැනිදා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 52ක්. හෘදයාබාධයක් නිසා ඔහු මියගියේ තායිලන්තයේදී. දේහය තායිලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට ගෙන ඒමෙන් පසු මෙල්බන්හි ශාන්ත හිල්ඩා පාපන්දු ක්‍රීඩා පිටියේදී අවසන් කටයුතු සිදු කෙරිණ.

    එම අවස්ථාවට අසූ දෙනෙකු පමණ සහභාගී වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සදුදා, 21 මාර්තු 2022 13:07

    Latest News