සෞදි අරාබියට, හවුති කැරළිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාර

මාර් 21, 2022

    හවුති කැරළිකරුවන් සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට ඊයේ ප්‍රහාර එල්ල කර තිබේ.

    නිවාස හා ගොඩනැගිලි කිහිපයකට දැඩි අලාභහානි සිදුවිය. සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

    තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ගෑස් හා තෙල් ගබඩා සහ ජල පවිත්‍රාගාරයකට ප්‍රහාර එල්ල කෙරිණ. එහෙත් ජීවිත හානි වාර්තා වී නොමැත.
    ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇත්තේ සෞදි අරාබි ඩයිල් කොම්පැනි නමැති සමාගමටයි.

    ප්‍රහාරවලින් සමාගම සතු පෙට්‍රල් ගබඩාවක් ගිනිගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් උත්සහ දරමින් සිටියි. මෙලෙස ආර්ථික මරමස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් රට අවස්ථාවර කිරීම හවුති කැරළිකරුවන්ගේ උපායමාර්ගය බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Last modified on සදුදා, 21 මාර්තු 2022 11:47

    Latest News