චීනයේ, මගීන් 132ක් රැගත් ගුවන් යානයක් අනතුරක...

මාර් 21, 2022

    චීනයේ, මගීන් 132 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (21) අනතුරට ලක්ව තිබෙනවා.

    අනතුර සිදුව ඇත්තේ, දකුණු චීනයේ ගුආන්ශි කඳු පන්තිය ආශ්‍රිතවයි. සිවිල් ගුවන් සේවා ආරක්‍ෂාව ගැන, ඉහළ වාර්තාවක් තබා ඇති චීනයේ 2010 වසරෙන් පසු සිදුවූ ප්‍රථම මාරාන්තික ගුවන් අනතුර මෙයයි.
    “චයිනා ඊස්ටර්න්“ ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක්වන ආකාරය, කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එය කඳුකර ප්‍රදේශයට කඩා වැටීමෙන් පසු ප්‍රබල ගින්නක් හටගත් බවයි සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරන්නේ. අනතුර සිදුවීමට පෙර යානය බටහිර චීනයේ “කුං මින්ග්“ ප්‍රදේශයේ සිට ගුවන් ෂු ප්‍රදේශය දක්වා පියාසර කර ඇති බවයි වාර්තා වන්නේ.
    ගුවාන් ෂූ කඳු පන්තියට ඉහළ අහසේ දී ගිනිගත් යානය, එකවරම පහළට ඇඳ වැටුණු බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරනවා. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ මගීන් 123 දෙනෙකු හා ගුවන් කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු ගමන් කර තිබෙනවා. යානය අනතුරට පත්වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.
    මේ වනවිට සහන සේවකයන් 600කට අධික පිරිසක් අනතුර සිදුවී ඇති ස්ථානයට යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අනතුරට ලක්වූයේ “චයිනා ඊස්ටර්න්“ ගුවන් සේවයට අයත් වසර 7ක් පැරණි “බෝයිං 737--800“ වර්ගයේ මගී යානයක්. එය බෝයිං සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූවේ, පසුගිය කාලයේ ආන්දෝලනයට ලක් වූ “බෝයිං 737 මැක්ස්“ යානයට පෙරාතුවයි. චීනය, එරට ගුවන් යානා නඩත්තුව ද ඉතා ඉහළින් සිදුකරන අතර වත්මන් අනතුර ගැන වහා පරීක්ෂණයක් පවත්වන්නැයි, චීන ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

    Latest News