පකිස්තාන් රජය මේ බව සඳහන් කළේ, අමෙරිකාව කළ විමසීමකට ප්‍රතිචාර වශයෙන්. පසුගිය සතියේ කාශ්මීරයේ සිදුවූ ගුවන් සටන සම්බන්ධයෙන් අමෙරිකාවේ අවධානය යොමුව තිබේ.
යම් හෙයකින් ඉන්දියාවට පහරදීම සඳහා පකිස්තානය “එෆ්-16“ යානා යොදා ගත්තේ නම්, එය වරදක් බව, අමෙරිකාව සඳහන් කරයි. ගුවන් යානා සැපයීමේදී ඇති කරගත් ගිවිසුමට අනුව පකිස්තානයට එවැනි ක්‍රියා කළ නොහැකි බව අමෙරිකාව පෙන්වා දෙයි.
පකිස්තානයට අමෙරිකානු යානා යොදාගත හැක්කේ, ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සඳහා පමණක් බව වොෂිංටනය පෙන්වා දෙයි. ඉකුත් බදාදා කාශ්මීරයට ඉහළ අහසේ දී පකිස්තාන යානයක් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය ගුවන් හමුදා “මිග්-21“ යානයක් විනාශ වූ අතර, එහි නියමු වින්ග් කමාන්ඩර් අභිනන්ධන් වර්දමාන් පකිස්තාන අත්අඩංගුවට පත්විය.