සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බරපතල තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කෙරිණ. අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි. විදුලි පද්ධතිය ද විසන්ධි වූ බව වාර්තාවේ.
4000ක පමණ පිරිසකගේ දෛනික ජිවිතයට ඉන් බලපෑම් එල්ල වී තිබේ. ලීකවුන්ඩ් ප්‍රදේශයේ පාසල් හා රජයේ කාර්යාල පවත්වාගෙන යාමට ද බාධා එල්ල වී ඇත. ඇතැම්, කුණාටුවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 266ක් ලෙස සඳහන්ව තිබිණි. ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ද ටොනේඩෝ සුළි කුණාටු වාර්තා වී තිබේ.