දකුණු කොරියාව ඝණ ඉන්ධන රොකට්ටුවක් දියත් කරයි.... npr

දකුණු කොරියාව ඝණ ඉන්ධන රොකට්ටුවක් දියත් කරයි....

මාර් 31, 2022

    දකුණු කොරියාව විසින් සාර්ථකව ඝණ ඉන්ධන රොකට්ටුවක් දියත් කළ බව, එරට බලධාරින් ප්‍රකාශ කර ඇත.

    එය අභ්‍යවකාශ නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස සලකන බව, දකුණු කොරියානු බලධාරින් වැඩිදුරටත් පවසනවා. මෙම ඝණ ඉන්ධන රොකට්ටුව දියත් කළේ, දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ඇති අර්බුදය උත්සන්න වෙමින් පවතින අවස්ථාවකදීයි. මීට දින කිහිපයකට පෙර උතුරු කොරියාව අන්තර් මහද්වීප බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලනලදි.

    දකුණු කොරියානු බලධාරින් එය හෙලාදැක තිබූ අතර, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කළේ, දිගන් දිගටම උතුරු කොරියාව විසින් කරන මෙම අත්හදා බැලීම් ලෝක සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි. දකුණු කොරියානු බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝණ ඉන්ධන රොකට්ටුව සෝල් නුවර සිට කිලෝමීටර් 150ක දුරින් ඇති ස්ථානයක සිට දියත් කළ බවයි. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාශය සඳහන් කළේ, එරටට ආවේනික ස්වාධීන අභ්‍යවාකාශ නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙම අත්හදා බැලීමට කටයුතු කළ බවයි.

    Latest News