යුද්ධය ගැන පුරෝකථනයට අසමත් හමුදා ප්‍රධානියා සේවයෙන් නෙරපයි

අප්‍රේ 01, 2022

    යුක්‍රේන - රුසියා යුද්ධය පිළිබඳව පුරෝකථනය කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රංශයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානි ජෙනරාල් එරික් විඩාවුඩ් (Eric Vidaud) සේවයෙන් නෙරපා තිබේ.

    අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය මෙය ඉතා හොඳින් අවබෝධ කර ගෙන සිටි අතර ප්‍රංශය මේ සම්බන්ධයෙන් නිසි ලෙස සූදානම් වීමක් නොමැති වීමට බුද්ධි අංශ ප්‍රධානියා වගකිව යුතු බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

    ඔහු තම විෂය ක්ෂේත්‍රය පිළිබඳව නිසි ප්‍රවීනත්වයක් ලබා නොමැති බව ඔහුට එල්ලවන තවත් චෝදනාවක්.

    Last modified on සිකුරාදා, 01 අප්‍රේල් 2022 10:41

    Latest News