හදිසි නීතිය දැමූ කැනඩා රජයට ‍චෝදනා

අප්‍රේ 26, 2022

    ට්‍රක් රථකරුවන්ගේ විරෝධතා මැඩපැවැත්වීම සදහා හදිසි නීතිය යොදා ගැනීම පිළිබඳව කැනඩා රජයට චෝදනා එල්ල වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් එරට රජයට විරුද්ධව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කෙරිණ.

    කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට විරුද්ධව මේ වසරේ මුල් භාගයේ කැනඩාවේ ට්‍රක් රථ රියදුරන් විශාල උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. එය විසුරුවා හැරීම සදහා කැනඩා රජය විසින් නීතිය ‍යොදා ගනු ලැබීය.

    ඊට විරුද්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස කැනඩාවේ මහජන නීතිය පිළිබද කොමිසම රජයට බලකර තිබේ. එම කොමිසම මෙම පරීක්ෂණය අධීක්ෂණය කිරීමට නියමිතයි.

    Latest News