මියයන විට ඇගේ වයස අවුරුදු 119ක්. වර්ෂ 1903 ජනවාරි 2 වැනිදා ජපානයේ ෆුකෝකා ප්‍රදේශයේදී ඇය උපත ලැබුවා. ටනාකා ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කිවේ 2019 වසරේදී. ඇගේ මරණය පිළිබඳ අද නිල ලෙස වාර්තා කළ ද නිශ්චිතවම මරණය සිදුව ඇත්තේ, ඉකුත් 19 වැනිදා බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. ඇය පසුගිය කාලය පුරා යහපත් සෞඛ්‍ය තත්වයකින් සාත්තු නිවාසයක රැදි සිටියා. ගණිත ගැටලු විසදීමටත්, විවිධ ක්‍රීඩා කිරිමටත් කැමැත්ත දැක්වු ටනාකා චොකලට් සදහා ඉහළ රුචිකත්වයක් දැක්වුවා. ඇගේ මරණයට හේතුව වයස්ගතවීම පමණක්ම බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.