ලොව බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගත යුතු බව චීනය පවසයි

මැයි 11, 2022

    ලොව බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගත යුතු බව චීනය පවසයි.

    එක්සත් ජාතීන්ගේ ජිනීවා හි චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත ලී සොං මහතා ඊයේ(10) මේ බව ප්‍රකාශ කළේය. ඒ, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති, එක්සත් ජාතීන්ගේ "වගකිවයුතු අභ්‍යවකාශ චර්යා සංග්‍රහය" පිළිබඳ විවෘත ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමට එක්වෙමිනි. ලී සොං මහතා එහිදී පෙන්වා දුන්නේ, "වගකිවයුතු අභ්‍යවකාශ හැසිරීම" පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා, මූලධර්ම 4ක් අනුගමනය කළ යුතු බවයි.

    පොදු සහ විශ්වීය අභ්‍යවකාශ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම, අභ්‍යවකාශ අවි තරගය වැළැක්වීම යන මූලික ස්ථාව‍රයේ අඛණ්ඩව රැඳී සිටීම, අභ්‍යවකාශය සාමකාමීව භාවිතය සඳහා සියලු රටවල සමාන අයිතිවාසිකම් සහතික කිරීම හා අභ්‍යවකාශ පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ දායකත්වයට සහාය දැක්විමයි.

    ඉන් වඩාත්ම වැදගත් "වගකිවයුතු අභ්‍යවකාශ හැසිරීම" යනු, ලොව බලවත් රටවල් අභ්‍යවකාශයේ ආධිපත්‍යයක් පවත්වා නොගැනීමට ප්‍රතිඥා දීම සහ "අභ්‍යවකාශයේ ආධිපත්‍යය දැරීමට" උත්සාහ නොකිරීම බව, ලී සොං මහතා මෙහිදී අවධාරණය කළේ ය.

    Latest News