අල් ජසීරා මාධ්‍යවේදිනිය පලස්තීනයේදී ඝාතනය කෙරේ

මැයි 12, 2022

    ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීනයේ බටහිර ඉවුරේ සිදුකළ වැටලීමකදී අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වූ ශිරීන් අබු අක්ලා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 51 හැවිරිදි ෂිරීන් මිය යන විට ද සිය රාජකාරියේ නිරතව සිටියාය.

    ඒ මොහොතේ ඇය ‘ප්‍රෙස්‘ යනුවෙන් පැහැදිලිව සඳහන් වූ මාධ්‍යවේදින් පලඳින කබායකින් සැරසී සිටි අතර, ඊශ්‍රායල හමුදාව ඇගේ මුහුණට වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි. ඇය සමඟ ඒ මොහොතේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරමින් සිටි පලස්තීන මාධ්‍යවේදිනියක වූ අලි අල් සමෝදි තුවාල ලබා ඇත.

    ශිරීන්ගේ කුරිරැ ඝාතනය හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කරන අතර, මේ ඝාතනය සම්බන්ධව අන්තර්ජාතික අවධානය යොමු විය යුතු බව අවධාරණය කර තිබේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මැයි 2022 12:09

    Latest News