රෝහලේ තුන්වැනි මහලේ පිහිටි ඖෂධ ගබඩාව තුළයි, මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නෙන් මෙතෙක් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නැහැ. ගින්න පාලනය සඳහා ගිනිනිවන රථ 7ක් ද, ගිනි නිවන භටයින් 40කට අධික සංඛ්‍යාවක් ද යොදවා තිබෙනවා. මුදවා ගැනීමේ නිලධාරින් දහසකට අධික පිරිසක් තත්වය පාලනය සඳහා යොදවා ඇති බවයි, වාර්තා වන්නේ. ගින්නට හේතුව තවමත් හෙළි වී නැහැ. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.