ඔහු මේ බව ප්‍රකාශ කළේ, යුද ගැටුම් ආරම්භ වී දින 100ක් ගතවීමෙන් අනතුරුවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පවසන්නේ, යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ජිවිත දහස් ගණනක් අහිමි වී ඇති බවයි. එසේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්භාවයට පත්වී ඇති බවත්, මෙම යුද ගැටුම් හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් ගෝලීය වශයෙන් ආහාර, බලශක්ති හා මූල්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වය කෙරෙහි ද බලපා තිබෙනවා. කෙසේ වෙතත්, යුද්ධයෙන් අවතැන් වූවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් හැකි උපරිමයෙන් මානුෂීය ආධාර ලබාදෙන ලෙසත්, ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.