මෙක්සිකෝ වෙඩි තැබීමකින් 15ක් මියයයි

මාර් 10, 2019

    මෙක්සිකෝවේ රාත්‍රි සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගියහ.

    තුවාල ලැබූ පිරිස හත් දෙනෙක්. මෙක්සිකෝවේ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවන ප්‍රාන්තයක් ලෙස සැලසෙන ගුනජුආටෝහි රාත්‍රී සමාජ ශාලාවකදී වෙඩි තැබීම ඊයේ වාර්තා විය. වෑන් රථ තුනකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් කණ්ඩායමක් එයට ඇතුළු වී වෙඩි තැබූ බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

    සිද්ධියෙන් පුද්ගලයන් 13 දෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව බලධාරීන් පවසයි.

    Latest News