අයි.එම්.එෆ්. අරමුදලෙන් පකිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණය ආධාරයක්...

ජූලි 16, 2022

    පකිස්ථානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.

    ඒ අනුව, අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණයක් මුදා හැරීමට, එම සංවිධාන කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. පකිස්ථානයට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉදිරි මාස දෙකකට පමණක් ආවරණය කළ හැකි මට්ටමට විදේශ විනිමය සංචිත තිබුනද, ඉදිරි මාස 12 තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 41 ක් අවශ්‍ය වනවා.

    එහෙත්, එම මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයේ නොමැති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත එරට බලධාරීන් ණය ආධාරයක් සදහා ඉල්ලුම් කර තිබෙනවා. සති කිහිපයක් පුරා පැවති කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසුව, අයි.එම්.එෆ්. අරමුදල පකිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණය ආධාරයක් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

    Latest News